Samsung Galaxy S9 සහ S9+ සමාට්ෆෝන් නිකුත් වීම මේ වන විට සිදුවී ඇති අතර දැනට ඔබට එම ස්මාට්ෆෝන පෙර ඇණවුම් කිරීමේ හැකියාව පවතියි. ලොව වැඩිම ස්මාට්ෆෝන් පරිශීලකත්වය හිමි සන්නාමය වන Samsung සමාගම සිය ෆ්ලෑග්ෂිප් උපාංගය එළිදක්වන තුරු තාක්ෂණික ලෝලීන් බලා සිටියි. ඒ නිසාම මෙම Samsung Galaxy S9 සහ S9+ කරළියට පැමිණීම විශාල කතිකාවතක් ඇති කළේය.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඉන්දියාවට වඩා ඉහළ අගයක පවතී. ඒ අනුව ඉන්දියාවේ 4G වේගය තත්පරයට මෙගා බයිට් 6.07ක් ලෙස සටහන් වන අතර, ශ්‍රී ලංකාවේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.95ක් ලෙසට සටහන් වෙයි. පාකිස්තානයේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.56කි.
Read Moreවර්තමානයේදී බොහෝ දෙනෙකු ඡායාරූප ගැනීම විනෝදාංශයක් ලෙසින් නැතිනම් ආශාව වෙනුවෙන් කරන දෙයක් ලෙසින් ප්‍රගුණ කරනා අතර, ඒ සඳහා බොහෝ දෙනෙකු වෘත්තීය මට්ටමේ කැමරාවක් භාවිත කිරීමට වඩා අත ඇති ස්මාට්ෆෝනයේ කැමරාව භාවිත කිරීමට වඩාත් නැඹුරුතාවක් දක්වයි.
Read Moreස්මාට්ෆෝන් උපාංගයන්හි ශීඝ්‍ර පරිණාමයේදී නිෂ්පාදකයන් සැලකිලිමත් වන එක් කාරණයක් වන්නේ ස්මාට්ෆෝනයේ පරිගණක බලය වඩාත් වැඩි කිරීමයි. මේ වනවිට ඇති සාමාන්‍ය ස්මාට්ෆෝනයක් පවා පැරණි ලැප්ටොප් උපාංගයකට වඩා බලසම්පන්න වේ. මේ අතරවාරයේදී Razer වැනි නව ස්මාට්ෆෝන් උපාංග නිෂ්පාදකයන් මෙම සීමාව තවදුරටත් එපිටට ගෙනයෑමට උත්සාහ කරයි. මෙහිදී එක් මොහොතකදී පැන නගිනා ගැටලුවක් වන්නේ, ප්‍රබල ස්මාට්ෆෝනයක් භාවිත කරන අතරවාරයේදී ලැප්ටොප් උපාංගයක් අවශ්‍යද යන්නයි. මෙයට පිළිතුර තරමක්
Read Moreරූපවාහිනී යන්ත්‍රයක් යනුවෙන් අසූව හා අනූව දශකයන් තුළ හඳුනාගත් හැඩි දැඩි යන්ත්‍රය මේ වනවිට අතීතයට එක් වී හමාරය. එම අවදියේදී තිබූ විශාලතම රූපවාහිනී යන්ත්‍ර අඟල් ප්‍රමාණයන් පවා මේ වනවිට අතිශයින්ම සාමාන්‍ය වී තිබේ. කෙසේ නමුත් අතිශයින්ම සිහින් නිමාවෙන් යුතු පැතලි තිර සහ වක්‍ර තිර රූපවාහිනීවල යුගය තවමත් පැවතියත්, එයද අනාගතයේදී නිමා වනු ඇතැයි සිතෙනා නව රූපවාහිනී සංකල්පයන් මේ වනවිට වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් පවතී.
Read Moreස්මාට් නිවාස යන සංකල්පය සම්බන්ධයෙන් මෙයට දශකයකට දෙකකට පෙර අපගේ සිත තුළ තිබුණේ අතිශයින්ම ඉහළ තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් හෙබි, සුඛෝපභෝගී යමක්ය යන අදහසයි. එසේම ස්මාට් නිවසක මිලෙන් අධික තාක්ෂණික උපාංගයන් ස්ථාපනය කළ යුතු වූ බවද එම චිත්‍රයට ඇතුළත් වුණි. කෙසේ නමුත් වර්තමානය වන විට එම අදහස බොහෝ සරල වී ඇත.
Read MoreApple සමාගම අද (05දා) පැවසූයේ සිය ප්‍රොසෙරයන්ගේ දෝෂයන් දෙකක් iOS සහ Mac උපාංග වෙත බලපෑ බවයි. එය Apple වොච්වලට බලපා නැති මුත් අනෙකුත් සෑම iOS සහ Mac උපාංගයක් වෙතම පාහේ එය බලපාන්නට ඇති බවය. ඒ අනුව මේ වනවිට නව මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයක් එම උපාංග වෙත එවා ඇති අතර හැකි ඉක්මනින් අදාළ උපාංග නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණයට යාවත්කාලීන කරන ලෙසද දන්වා සිටියි.
Read Moreමෙයට වසර ගණනාවකට පෙරාතුව ප්‍රථමයෙන්ම කෘත්‍රිම බුද්ධිය සහිත ඩිජිටල් සහායකයෙකු සහිත ස්පීකරයක් නිර්මාණය වී වෙළෙඳ පොළට නිකුත් වූ විටදී එය එතරම් ආකර්ෂණීය අදහසක් යැයි බොහෝ දෙනා නොසැලකූ බව යථාර්ථයයි. සම්පූර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම ඩිජිටල් සහායකයන්ට කෘත්‍රිම බුද්ධියක්, එනම් තනිව සිතා තීරණ ගැනීමේ උසස් බුද්ධි මට්ටමක්
Read More