ICC වසරේ ක්‍රීඩකයා බෙන් ස්ටොක්ස්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික ක්‍රිකට් සම්මානයන්හි අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් නම්කර තිබේ.
අයි.සී.සී. කිසිම සම්මානයකට හෝ වසරේ ටෙස්ට් මෙන්ම එක්දින අයි.සී.සී. කණ්ඩායම් සඳහාද ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් ඇතුළත් නොවේ.
මෙහි අනෙකුත් සම්මාන මේ ආකාරයෙනි
වසරේ ටෙස්ට් ක්‍රීඩකයා - පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව)
වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - රෝහිත් ෂර්මා (ඉන්දියාව)
වසරේ හොඳම විස්සයි 20 දක්ෂතාව - දීපක් චහාර් (ඉන්දියාව/ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7ට කඩුලු 6ක්)
නැගී එන ක්‍රීඩකයා - මානස් ලබුස්චේග්නේ (ඔස්ට්‍රේලියාව)
ටෙස්ට් වරම් හිමිකර නොගත් රටවල ක්‍රීඩකයා - කයිල් කොට්සර් (ස්කොට්ලන්තය)
ජිවගුණය ආරක්ෂා කිරීම - විරාත් කෝලි (ඉන්දීය ප්‍රෙක්ෂකයන් ඕවල් පිටියේදී ස්ටීවන් ස්මිත්ට අපහාස කිරීමේදී එය වැළැක්වීම)
වසරේ විනිසුරු - රිචඩ් ඉලිංග්වෝර්ත්
වසරේ ටෙස්ට් කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙළට) - මායංක් අග්රාවල්, ටොම් ලේතම්, මානුස් ලබුස්චේග්නේ, විරාත් කෝලි (නායක), ස්ටීවන් ස්මිත්, බී.ජේ. වොට්ලින් (කඩුලු රකින්නා), පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, නෙයිල් වැග්නර්, නේතන් ලයන්
වසරේ එක්දින කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙළට) - රෝහිත් ශර්මා, ෂායි හෝප්, විරාත් කෝලි (නායක), බාබර් අසාම්, කේන් විලියම්සන්, බෙන් ස්ටෝක්ස්, ජෝස් බට්ලර් (කඩුලු රකින්නා), මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට්, මොහොමඩ් ෂාමි, කුල්දීප් යාදෙව්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

