www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
එළඹෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ පාපන්දු තරගාවලියේ ටර්ක්මෙනිස්ථානය සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙසින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් ලෙසින් ඊයේ (05දා) මෙය පැවත්විණි. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් රැස් කරගත් ටර්ක්මෙනිස්ථානු ක්‍රීඩකයෝ ගෝල 1-0 ක් ලෙසින් එම අර්ධය අවසනදී ඉදිරියෙන් පසුවූහ. දෙවැනි අර්ධයේදීද ඔවුන් තවත් ගෝලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු ඈතට ගෙන ගියේය. කෙසේ වෙතත් අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ටර්ක්මෙනිස්ථානය 132 වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේත් රැදී සිටියි. මෙම තරගය 2023 වර්ෂයේ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද පැවැත්වේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දෙවැනි තරගයට එළඹෙන 10 දා සහභාගි වන්නේ උතුරු කොරියාවට එරෙහිවය.
තරගයේ අවස්ථා
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd