නවසීලන්තය 249ට දැවී යයි
- 15 08 2019
- 11:09
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 249ක් රැස්කළේය.
නවසීලන්තය වෙනුවෙන් ඉහළම ඉනිම ක්‍රීඩා කළ රොස් ටේලර් ලකුණු 86ක් රැස්කළේය. ඊට අමතරව හෙන්රි නිකලොස් ලකුණු 42ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය කඩුලු 5/80 හා සුරංග ලක්මාල් කඩුලු 4/29ක් දවාගත්හ.
ඊයෙ දිනයේදී තරගය නිමා කරන විට නවසීලන්තය කඩුලු 5ට ලකුණු 203ක් රැස්කරගෙන සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
