හෘදයේ සිදුරු දෙකක් සහිත දරුවාට පිහිට වෙමු
අවුරුදු එකහමාරක් වයසැති තම එකම පිරිමි දරුවාගේ හෘදයේ සිදුරු දෙකක් පවතින බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවත්, දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් සැත්කමක් සිදු කිරීමට හෝ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇති බවත් දිඹුලාගල, දේවගල යාය 08, 39/01 පදිංචි ජී.ජී. ඉන්ද්‍රානි හේමලතා මහත්මිය පැවසුවාය.
තම පුත්‍රයා ඉපදීමට මාසයකට පමණ පෙර පිළිකාවක් හේතුවෙන් තම සැමියා මියගිය බවත්, දරුවා උපන් පසු ඔහුගේ හෘදයේ සිදුරු දෙකක් පවතින බවට පොළොන්නරුව මහ රෝහලේ ළමා විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දුන් බවත් ඇය පවසා සිටියාය.
තම දරුවා මසකට සායන දෙකක් සඳහා පොළොන්නරුව මහ රෝහලට රැගෙන යා යුතු බවත්, ඒ සඳහා ගමන් වියදම් ලෙස මසකට රුපියල් 5,000ක පමණ මුදලක් වැය වන අතර, කුලී වැඩ කරමින් ජීවත් වන වන තමන්ට එම මුදල සොයාගැනීමට අපහසු වී ඇති බවත් හේමලතා මහත්මිය ප්‍රකාශ කළාය.
"මේ මගේ එකම පුතා. සායන දෙකකට පොළොන්නරුව රෝහලට අරගෙන යනවා. පුතා උපන්දා සිට පපුවේ සිදුරු දෙකක් තියෙනවා කියලා පොළොන්නරුව රෝහලේ දොස්තර මහත්වරු කිව්වා. ඒ වගේම පුතාගේ ලේවල වෙනසක් තියෙනවා කියලා ඒකටත් සායනයක් තියෙනවා, බෙහෙත් ගන්න. මට මේ සඳහා මසකට රුපියල් 5000ක් විතර වියදම් වෙනවා.
ඉතිං මම පුතා අහලපහළ ගෙවල්වල තියලා කුලියකට ගිහින් ඒ සල්ලි හොයා ගන්නවා. මේ දවස්වල එහෙම කුලී වැඩත් නෑ. මගේ මහත්තයා පිළිකාවකින් නැති වුණා. මට මේ දරුවා ටිකක් ලොකු කර ගන්නතෙක් බෙහෙත් ටික ගන්න උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා. පපුවේ සිදුරු දෙක වහගන්න පුළුවන්ද කියලා දොස්තර මහත්වරු මේ දවස්වල පරීක්ෂණ කරනවා. ඉතිං මට හැකි ලෙස උපකාර කරන්න කියලා ඉල්ලා සිටිනවා" යැයි ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
මෙම දරුවාගේ සැත්කම හා ප්‍රතිකාර සඳහා උපකාර කළ හැකි අයෙකු වෙතොත් පී.ජී. ඉන්ද්‍රානි හේමලතා නමින් මහජන බැංකුව, අරලගංවිල ශාඛාවේ පවතින 253200130047760 දරන ගිණුමට ආධාර මුදල් බැරකළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 07-8125408 හෝ 027-5715689 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
මනම්පිටිය - නිමල් ජයරත්න


popular news
-
Champa Monday, 27 August 2018 06:40 AM
මෙතන මේ පිළිසරණ ඉල්ලන අසරණ දරුවන්ට කාන්තාවන්ට සහ වැඩිහ්ටියන්ට සමාජ සහ සුබසාධන අමාත්‍යංශයෙන් පිහිට වෙන්නේ නැත්ද? හැම අවුරුද්දෙම බිලියන් ගානක් මේ අමාත්‍යංශයට වෙන් කරන්නේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න. මං නම් හරිම කලාතුරකින් දකින්නේ සමාජ හා සුබසාධන අමාත්‍යංශය කවද හරි මොකක් හරි වැඩක් කරලා තියෙනවා. අනිත් එක ජනාධිපති අරමුදල තියෙන්නේ මේ වගේ අසරණයන්ට උදව කරන්න නැතුව ඇමතිවරුන්ට සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න බිලියන් ගණන් දෙන්න නෙමෙයි.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

