සිය පවුලේ ජීවන වියදම සොයා ගැනීමට පැණිකෝන් අලෙවි කරන කුඩා දැරියන් දෙදෙනෙකු පසුගියදා හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී අපට මුණගැසිණි.
එම දරුවන්ගේ මවද තවත් කුඩා දරුවෙකු ඇකයේ තබාගෙන ඔවුන් සමීපයේ සිට උදලු මිටි සහ දර මිටි අලෙවි කරන අයුරු දැකගත හැකිවිය.
සිවුවැනි වසරේ සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන දියණියන් දෙදෙනාට සහෝදරයන් දෙදෙනෙකුද සිටින බව අප කළ විමසීමකදී අනාවරණය විය.
තම සැමියා දර අලෙවි කරමින් ජීවිකාව ගෙන යන අතර, දර කැබැල්ලකට තුවාල වී සැමියාගේ එක් ඇසක් අන්ධභාවයට පත්ව ඇති බවත්, දර, මී පැණි හා පලතුරු වර්ග ආදිය අලෙවි කර තමන් ඇතුළු දරුවන් ජීවත් වන බවත් චන්ද්‍රිකා පේමරත්න මහත්මිය පවසා සිටියාය.
තමන්ගේ දරුවන් තිදෙනෙකු පාසල් යන අතර, ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන බවද ඇය පැවසීය.
එක් ඇසක් අන්ධ වූවද තමන් කෙසේ හෝ දරුවන් රැකබලා ගන්නා බවත්, අබලන් වී ඇති නිවස පිළිසකර කර ගැනීමට දිවාරෑ නොබලා වෙහෙසෙන බවත් දරුවන්ගේ පියා වන ප්‍රියන්ත රණසිංහ මහතා පැවසීය.
තම පවුලට යම් උපකාරයක් කළ හැකි අයෙකු වෙතොත් එස්.ජී. ප්‍රියන්ත රණසිංහ නමින් ලංකා බැංකුවේ හබරණ ශාඛාවේ පවතින 72600845 දරන ගිණුමට ආධාර මුදල් බැරකරන ලෙස හෙතෙම ඉල්ලා සිටියි.
මේ පිළිබඳ වැඩි විස්තර 076 6 995 508 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.