ශ්රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර සෝෆා ගිවිසුමක් අත්සන් කර නැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (17දා) සවස අරලියගහ මන්දිරයේදී ශ්රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසට පැවැසීය.
සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ ඉඩම් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත පිළිබඳව පැන නැගී ඇති කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ අග්රාමාත්යවරයා හමුවී සාකච්ඡා කර තිබේ.
සාකච්ඡාව අවසානයේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා
"ශ්රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් සමග සාර්ථක රැස්වීමක් පැවැත්වුණා. සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ගැන ඔවුන් කරුණු විමසුවා.
සෝෆා ගිවිසුමක් අප විසින් අත්සන් කර නැති බව මා ඔවුන්ට පැවසුවා. ඔවුන් ඒ ගැන සතුට පළ කළා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳවද මම කරුණු පැහැදිලි කළා. ඉඩම් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුව හමුවේ ඇති බව මම පැවසුවා. ඒ සම්බන්ධ තම නිර්දේශ ඉදිරිපත් කරන බව නීතිඥ සංගමයේ නියෝජිතයන් ප්රකාශ කළා. "