ආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ඇමතිධුරවලින් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
මේ වනවිට පැවැත්වෙන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය දැනුම් දීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
ඔවුන්ගේ බහුතර මතය වී ඇත්තේ ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම මුස්ලිම් ජනතාව ආරක්ෂා නොකරන බවයි.
මේ නිසා මෙම දෙපාර්ශ්වයටම සහයෝගය ලබා නොදී සිටීමට මුස්ලිම් මන්ත්‍රීවරු තීරණය කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වයි.
එසේ වුවහොත් හදිසි මහ මැතිවරණයකට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බව දේශපාලන විචාරකයන්ගේ විශ්වාසයයි.