සිනමාවේදී එම්.වී. බාලන් මහතාගේ අවසන් කටයුතු අද
අභ්රාවප්රාප්ත ප්රවීණ චිත්රපට අධ්යක්ෂ, චිත්රපට නිෂ්පාදක හා රංගන ශිල්පී එම්.වී. බාලන් මහතාගේ අවසන් කටයුතු අද (16දා) සවස 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ඒ මහතාගේ දේහය අද සවස 3.00 වන තෙක් රත්මලාන ගොළුමඩම හන්දියේ කල්දෙමුල්ල පාරේ ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයේ එෆ් (F) ගොඩනැගිල්ලේ පහත මාලයේ අංක 8 නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.
1941 වසරේ මාර්තු 3 වැනිදා යටියන්තොටදී උපන් එම්.වී. බාලන් මහතා වනලිය (1958), අවිශ්වාසය (1959), සිහිනය (1959), කවට අන්දරේ (1960), පිරිමියෙක් නිසා (1960), සුවිනීත ලාලනී (1961), ගංතෙර (1961), සංසාරේ (1962), දීපශිඛා (1963), සුහද සොහොයුරෝ (1963), වෙන ස්වර්ගයක් කුමටද? (1963), සසරක හැටි (1964) යන සිංහල චිත්රපට වලට රංගනයෙන් දායක විය.
ගාමිණී ෆොන්සේකා ප්රධාන චරිතය රඟපෑ හිත හොඳ මිනිහෙක් (1975) චිත්රපටයේ අධ්යක්ෂ වූ ඔහු මගේ රන්පුතා (1978) චිත්රපටයේ නිෂ්පාදකවරයාද විය.
පද්මකුමා පී. මෙත්තසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


