ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා ආසන 51 සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්රී ලංකාවට නැව්ගත කිරිමට නියමිත බව King Long ශ්රී ලංකා සමාගම සඳහන් කරයි.
මෙම බස් රථ ශ්රී ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය සොෆ්ට් ලොජික් සමාගම විසින් හිමිකර ගනු ලැබීය.
King Long සමාගම ලෝකයේ රටවල් 150කට අධික ප්රමාණයක් සඳහා බස් රථ අපනයනය කරන බව සමාගම නිවේදනය කරයි.
එසේම ශ්රී ලංකාව වෙනුවෙන් නිපදවූ බස් රථ මේ වන විට පරීක්ෂණ ධාවනයේ යොදවා ඇති බවත් සමාගම වැඩිදුුරටත් නිවේදනය කරයි.