යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද සමයේදී සිදුවූ යුද අපරාධ සම්බන්යෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටවිය යුතු බවටත් අතුරුදහන් වූවන් සොයාබැලීමේ කාර්යාලවලට එරෙහිව වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඊයේ (01) දින විරෝධාතවන් සංවිධානය කොට තිබුණි.
වවුනියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිට හා කිලිනොච්චිය වියරවර් කෝවිල ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.
වවුනියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වැඩිදුරටත් පවසා සිටියේ යුද සමයේදී අතුරුදහන් වූ තම දරුමුණුබුරන් සොයා බැලීමට හා ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ලබා දීමට ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කල යුතු බවටත් යුද අපරාධ සිදු කරන ලද වරදකරුවන් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු බවටත්ය.
එමෙන්ම කිලිනොච්චියේදී විරෝධතාවයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පවසා සිටියේ ,
යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද කාර්යාලය මගින් මෙතෙක් අතුරුදහන් වූවන්ට සාධාරණයක් ඉටු නොවී ඇති හෙයින් වහාම එම කාර්යාල ඉවත් කර ගැනීමටද රජය වහා පියවර ගත යුතු බවටත්ය.