කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටුවා තිබූ යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇතැයි කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
යුද හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මහතාගේ අධික්ෂණයෙන් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවා ඇත.
මේ අනුව කිලිනොච්චිය භාරතීපුරම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් 200 කට ප්‍රතිකාර ලැබිය හැකි අයුරින් ඇඳන් 200 ක ධාරිතාවකින් සකස් කොට ඇති අතර ඉදිරියේදී කොරෝනා රෝගීන් වෙනුවෙන් එය මේ වන විටත් සූදානම් කොට ඇති බවටද කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රනසිංහ මහතා එහි සංචාරය කොට පරික්ෂා කිරීමෙන් පසු පැවසීය.