පොලොන්නරුවේ මැතිවරණ සටන දිනෙන් දිනම උණුසුම් වන තත්ත්වයක් පෙනෙන්ට තිබේ. හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද මෙවර පොලොන්නරුවෙන් මැතිවරණ සටනට ඉදිරිපත්ව තිබේ.
පොලොන්නරුවෙන් මෙවර මැතිවරණයට තරග කරන තවත් අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා සිය මතකය අවදි කළේය.
ඒ අද (15දා) සවස් වරුවේ පොලොන්නරුව බකමුණ ප්රදේශයේ පැවති ජන හමුවකදීය.
“දැන් මේ බජව් දාගෙන අරවා මෙව්වා කිය කියා මට බැන බැන,යන පුංචි මහත්තුරු ඉන්නවා නේ ගොඩක්, මම දේශපාලනයට ගෙනාපු අය මේ සුදු මහත්තුරු ගොඩක් ඉන්නේ,අර වාහන වල කෑගහගෙන යන්නේ එහෙම,ඉතිං ඔය මොරගහකන්ද කැලේට මම රිංගන කොට, බකමූණ පාර කපන කොට, මම දන්නෙ නෑ ඒ අය ලංකාවේ හිටිය ද නැද්ද කියලා. ඒගොල්ලො ජපානෙන් ඒ හිටියේ බිස්නස් කර කර,2010දී ආවා මාව හම්බෙන්න මගෙ මල්ලිත් එක්ක, අර ජපන් මහත්තයා සුදු එක්කෙනා, 2010 දී අපේ ගෙදරට ආවා ජපන් මහත්තයා,අපේ ඩඩ්ලි එක්ක ආවේ.
අයියා මෙයා පොළොන්නරුවේ හොඳ ජපානෙ බිස්නස් කාරයෙක් කිව්වා, ඉතින් බොහොම හොඳයි මොකෝ මේ ආවේ කියලා මම ඇහුවා. ‘මම රනිල් වික්රමසිංහ මහත්තයා හම්බෙන්න තුන් සැරයක් ගියා යුඑන්පී එකෙන් ටිකට් එක අරගන්න දැන් 2010 ඡන්දෙ ළඟයි’ ඉතින් මම ඇහුවා මොකද වුණේ කියලා. ‘නෑ මෙල් ගුණසේකර මහතා යන්න දෙන්නේ නෑ රනිල් හම්බෙන්න යන්න දෙන්නේ නෑ . ඒක නිසා මම මෙහෙ ආවේ සර් හම්බෙන්න’ කියලා.
මම ඉතින් කිව්වා ප්රශ්නයක් නෑ ඔයා ව්යාපාරිකයෙක්නෙ පොළොන්නරුවෙ කියලා. පොළොන්නරුවෙන්නේ ප්රශ්නයක් නෑ මම මේක හදලා දෙන්නං කිව්වා. ‘අනේ නෑ සර් මට තව එක සැරයක් දෙනවාද සිරිකොතට ගිහින් එන්න’ මං කිව්වා එහෙනම් ඔයා එහෙන් ට්රයි එකක් දෙන්න පුළුවන්නම් එහෙන් අරගන්න කියලා.
සුමානෙකින් විතර පස්සෙ මිනිහා තනියම ආවා ඩඩ්ලි නෑ මම ඇහුවා මොකද කියලා. ‘හරියන් නෑ සර් වැඩේ සර් ම දෙන්න මට’ ඊට පස්සේ මම සුමානෙකින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට එක්ක ගියා. ගිහිල්ලා පොලොන්නරුව දිස්ත්රික් සංවිධායක කරල 2010 ඡන්දයට දැම්මා. ඔන්න දැන් පේනවනෙ සෙල්ලම. අර ඉන්නෙ ගෙදර අම්මට තාත්තට ගහන. අන්න එහෙම ළමයි ඉතින් ඒවට ගැන කතා කරලා වැඩක් නෑ, කරන්න දෙයක් නෑ,”