මත්කුඩු ජාවාරම්කරුවන්ට, ළමා අපචාරකයින්ට සහ ස්ත්රි දුෂකයින්ට මරණ දඩුවම ලබා දිය යුතු බවත් එය ප්රසිද්ධියේ සිදු කළ යුතු බවටත් වු යෝජනාවක් ඊයේ (12දා) මාතලේ ප්රාදේශීය සභා රැස්විමේදි ඒකමතික සභා සම්මත විය.
මාතලේ ප්රාදේශිය සභාවේ සභාපති (ශ්රිලං.පො.පෙ) කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ ප්රධානත්යෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදි මෙම මාසික මහ සභා රැස්විම පැවති අවස්ථාවේ දි ඒ මහතා විසින් සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
මහේෂ් රුවන් කීර්තිරත්න