මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේක මහතා පවසයි.
ඒ අනුව හෙට සිට දිවයිනේ ප්‍රධාන නගර තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් සති දෙකක සහන කාලයක් රියදුරන්ට ලබාදෙන බවත් ඉන් අනතුරුව එම නීතය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
මේ හරහා මාර්ග විනය ඉහළ යන බවත් ඒ අනුව රිය අනතුරු අවම වීම, රථ වාහන තදබදය අවමවීම සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙය අධ්‍යනය කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරීන් සේවයේ යොදවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.