පුත්තලම වාන්කුලම් වැවේ තිබු කඩු කිහිපයක් හා හිස් පතොරම් තොගයක් සමඟ තවත් ආයුධ කිහිපයක් යුධ හමුදාව හා නාවික හමුදාව එක්ව කල සෝදිසි මෙහෙයුමකදි ඊයේ ( 23) දහවල් සොයා ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
වාන්කුලම් වැවේ තිබි සොයා ගත් දෑ අතර කඩු තුනක් බෝර 12 ගිනිඅවි වලට යොදන හිස් පතොරම් 60ක් එම වර්ගයේම ජීව පතොරම් 2ක් නන්චක්කුවක් ඇතුළු දෑ සොයා ගෙන තිබුණි.
පුත්තලම 143 වන බළසේනාවේ යුධ හමුදා නිලධාරින් හා කල්පිටිය විජය නාවුක කඳවුරේ කිමිදුම් ඒකකයේ කිමිදුම්කරුවන් ඊයේ දින දහවල් වාන්කුලම් වැවේ කල සෝදිසි මෙහෙයුමකදි මෙම අයුධ සොයා ගෙන තිබුණි.
කඩු සහ අනෙක් දෑ කිසියම් පිරිසක් විසින් වැවට ගෙන දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
එසේම අදාළ දෑ වැඩිදුර පරික්ෂණ සඳහා පුත්තලම මුලස්ථාන පොලීසියට භාර දී තිබුණි .
පුත්තලම - හිරාන් ප්රියංකර