පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවෙනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවත් එසේ සිදු නොවුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමග අද (29දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.
“. අප්‍රේල් 21 වනදා සිට මේ දක්වා අප ගත් තීන්දු තීරණ නිසා මාසයක් ගත වීමටත් පෙර අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් ලෝකයේම සිදුවී තිබෙන්නේ කිහිපයක් පමණයි.
පාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වනු ඇතැයි බොහෝ අය කම්පාවට පත් වුණා. අප මේ සම්බන්ධව ඉතා විමසිල්ලෙන් සිටියා. නමුත් අපේ ආර්ථිකයට එවැනි බරපතළ හානියක් සිදුව නොමැති බව කිව යුතුයි. ආර්ථිකයේ අංශ ගණනාවක තාවකාලික පසුබෑමක් සිදුව තිබෙනවා.
ඊට බොහෝ විට බලපා තිබෙන්නේ එම දිනවල පැනවූ ඇදිරි නීතිය සහ ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ජනතාව සාමාන්‍ය ජන ජීවිතයෙන් බැහැර වීමයි. මේ හේතුවෙන් වෙළෙඳපොලේ ගනුදෙනු සහ අලෙවිය පහත වැටුණා. නමුත් පසුගිය සති දෙක තුළ සිට එම ගනුදෙනු සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.
පාස්කු ප්‍රහාරය හේතුවෙන් අපේ අපනයන අඩු වී නොමැති අතර නිෂ්පාදන අංශ ගණනාවක් සිය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා. මේ ප්‍රහාරයෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි.
පාස්කු ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට සඳහන් කරමින් විදෙස් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබුණා. නමුත් මේ වන විට ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට තිබෙනවා. තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
අප ආණ්ඩුව ලබාගත් දින සිට අභියෝග රාශියකට මුහුණ දුන්නා. දින 52 ආණ්ඩු පෙරළිය නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණත් සිංහල අලූත් අවුරුද්ද වන විට රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ආවා.
අනතුරුව පාස්කු ප්‍රහාරයත් සමග නැවත රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වුණා. නමුත් ඔබ ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැහැ. අපි නැවත රටේ ආර්ථිකය ඉහළට ගෙන යනවා. ඒ වගේම අපි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය නැති කිරීමටත් ක්‍රියා කරමින් සිටින අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් ද පත් කර තිබෙනවා. අපට දැන් තිබෙන්නේ අපේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් ඉදිරියට යාමටයි.”