දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා ජාතිවාදි ගැටුමකට සැරසෙන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
අද (24දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම ඒ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත්කර තිබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ නාමල් කුමාර ගමන් කිරිමට නියමිත ප්‍රදේශ පවා බුද්ධි අංශ අණාවරණය කර ගෙන තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.