ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලබා නැවතත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව මැයි 30 දා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීමට නියමිතව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස යළි පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාට මුලින්ම සිය ට්විටර් ගිණුමෙන් සුබ පැතුම් එක්කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව ඔහුට දුරකතනයෙන්ද කථා කර තිබේ.