මසුන් මැරීම සඳහා ජාත්‍යන්තර මුහුදට ගොස්ව අයහපත් කාලගුණය හේතුවෙන් අතරමන්ව සිටින ධීවරයින්ට මාලදිවයින වෙත ළඟාවීමට අවසර ලැබී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අමතරව ඉන්දියාවෙන් ද එවැනි අවසරයක් ලබාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය යාත්‍රා 20ක් පමණ මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමන්ව සිටින බවට තොරතුරු වාර්තාවී තිබේ.
එම යාත්‍රා 20 න් 14 ක් හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගොස් ඇති අතර තවත් බහුදින ධිවර යාත්‍රා 06 ක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයට වාර්තා වී තිබේ.