ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අතර හමුවක් අද පෙරවරුවේදි පවත්වා තිබේ.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සෙල්වම් අඩිකල්ලනාදන්, ඩී. සිද්ධාර්තන්, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් ජනපති මෙමත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම හමුව එක්ව තිබේ.
පැය 1 විනාඩි තිහක කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී වර්තමාන අර්බුදය පිළිබඳව දීර්ඝව කරුණු සාකච්ඡා කර තිබේ.
ජනපතිවරයා මෙහදී තමන් එම තීරණ ගැනීමට හේතු සඳහන් කර ඇති අතර එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත්තේ තමන් ගත් තීරණයේ වෙනසක් නොව බවයි.
එසේම පාර්ලිමේන්තුව ඉතාමත් ඉක්මනින්ම කැඳවා මෙම ගැටලුව විසඳන ලෙසත් ඒ සඳහා ඕනෑම සහායක් ලබාදෙන බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය මෙහිදී ජනපතිවරයාට සඳහන් කර තිබේ.