www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
කොරෝනා වෛරසය ශරීරගත වූ පිරිස් සුව වූ පසුවත් නැවත එම රෝගය අදාළ පුද්ගලයාට වැළඳිය හැකි බවට චීන විශේෂඥයින් සොයාගෙන තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙය ඉතා භයානක තත්ත්වයක් බවත්, මෙම හෙළිදරව්වත් සමග රෝගයේ බරපතල තත්ත්වය පෙන්නුම් කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ලංකාව තුළ රෝගය පාලනය කිරීමට කටයුතු කර තිබෙන බවත්, ලංකාව තුළදී කොරෝනා වෛරසය ශරීරගත වූ චීන ජාතික කාන්තාවක් සොයාගත් බවත් එම රෝගියා මීට දින පහළොවකට පෙර සොයාගත් බවද වෛද්‍ය අලුත්ගේ කියා සිටියේය.
පොදුවේ සැලකීමේදී 2003 වසරේදී චීනයේ පැතිර ගිය සාර්ස් රෝගය නිසා පුද්ගලයින් අටදහස් අනූහයක් රෝගීන් බවට පත්වූ බවත්, එහෙත් කොරෝනා වෛරසය මේ වන විට පුද්ගලයින් හතළිස් දහසකට (40,000) අධික පිරිසකට ශරීරගත වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd