මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බවට යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
කුරුන්දන්කුලම් වැව අසල පිහිටි මෙම ගණදෙවි කෝවිලේ කැනීම් කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය හා යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාල නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
පසුව සිදුකරනු ලැබූ කැනීම් වලදී එහි තිබී හමු වූ ගණ දෙවි පිළිමය පරික්ෂාවට භාජනය කිරිමෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය බී.පුෂ්පරත්න මහතා විසින් පරික්ෂාවකට භාජනය කොට ඇති අතර ඔහුද එම ගණදෙවි පිළිමය 13 වන සියවස දක්වා ඉපැරණි ඉතිහාසයක් ඇති බවට සැක පළ කොට ඇත.
කෙසේ වෙතත් අදාළ ගණ දෙවි පිළිමය හා අනෙකුත් පුරාවිද්‍යා නටඹුන්හි නිශ්චිත කාල නිර්ණයක් සිදු කොට නොමැති බවත් එහි පරික්ෂා කිරීම් කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවටද යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කොට සිටියි.