එක්සත් ජාතික පක්ෂයේ වරණය වන කොළ පාට සමගි ජන බලවේගය විසින් භාවිත කරමින් සිටින බවත් එය වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සමගි ජන බල වේගයේ වර්ණය නිල් පැහැය බවත් ඔවුන් සිය ප්රචාර කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ කොළ පැහැය යොදා ගනිමින් සිටින බවත් මහ ලේකම්වරයා යොමුකළ ලිපයේ සඳහන් වෙයි.
නිල් පැහැය වෙනුවට කොළ පැහැය භාවිත කරන්නේ චේතනාන්විතවම එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීමට බවත් එය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු වලට බරපතල අගතියක් බවත් අකිල විරාජ් කාරියවසම් මහතා යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.