නැගෙනහිර පළාතේ අසරණ වී නවාතැන්ව සිටි ඉන්දියානු ජාතිකයින් 160 දෙනෙකු අද (1) ඔවුන්ගේ රටට යාම සඳහා නැගෙනහිර පළාතේ සිට පිටත්ව ගියහ.
අම්පාර දිස්ත්‍රික්කයෙන් බස් රථ 3ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ බස් රථ දෙකකින් ඔවුන් කොළඹ බලා පිටත්ව ගියහ.
රෙදි වෙළඳාම සඳහා සංචාරක විසා මගින් පැමිණි මොවුන් නැගෙනහිර පළාතේ මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල නවාතැන් ගෙන සිටින ලදී.
කොවිට් 19 වෛරසය ව්‍යාප්තවීමේ බියෙන් තමන්ගේ නිජ භූමියට යාමට නොහැකිව අසරණවී නවාතැන් ගෙන සිටි මොවුන් ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය එකාබද්ධව කරන කටයුතු නිසා එයින් ප්‍රතිඵලයක් ලෙස මොවුන් අද නැව් මගින් පිටත් කර හරිනු ලබයි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු කොමසාරි කාර්යාලයේ බලධාරීන්ගේ සහය ඇතිව කොළඹ වරායට රැගෙන ගොස් මොවුන් එහි සිට නැව් මගින් ඉන්දියාවට රැගෙන යන බවට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ බලධාරියෙකු පැවසිය.
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්