අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ලැබී තිබේ.
ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එක් පැමිණිල්ලක් අමාත්‍ය රිෂාඩ් බද්යුදින් හා ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිවත් අනෙක් පැමිණිල්ල ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිවත් ලැබී ඇති බව ඔහු පැවැසීය.