ජනතාවට දේශපාලනය එපා වුණ බව පිළිගන්නා බවත් එහෙත් ඒකාධිතිවාදයටක යෑමට නොහැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“පළවෙනි වටයේ වෛරසය පාලනය කරන්න රජය පියවර ගත්තා. ඒ පියවර හරි නිසා අපිත් ආණ්ඩුවට සහාය දුන්නා. සමහරු මට කිව්වා මේක ඩීල් එකක් කියලා. මට ඕන වුණේ ජනතාගේ ජීවිතය බේරන්න.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ දෙවැනි වටයක් එනවා. දෙවැනි වටය නවත්වන්න බෑ. ඒ නිසා දෙවැනි වටයෙන් අපි ආරක්ෂා වෙන්න ඕන. මේ ආණ්ඩුව අද වෙනකම් දෙවැනි වටයෙන් ආරක්ෂා වන ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා නෑ.
අපි පිළිගන්නවා තිත්ත ඇත්ත මිනිස්සුන්ට අපිව එපා වුණා කියලා. දේශපාලනය එපා වුණා කියලා ඒකාධිපතිවාදයකට යන්න බෑ. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගන්න මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නෙමෙයි.”