එළැඹෙන ජනපතිවරණයේදී ශ්රී ලංක නිදහස් පක්ෂයේ සහාය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. මෙම තීරණය ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හෙට දිනයේදී ප්රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය හෙට අනුරාධපුරයේදී පැවැත්වීම නියමිත අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිතව තිබේ.