EPF දායක මුදල් ගිණුම්ගත වීම ගැන පණිවිඩයක් දුරකතනයට
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම්දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන ස්ථිර සේවක සංඛ්‍යාව මිලියන 2.6ක් පමණ වේ. දැනට පවතින ක්‍රම‘වේදය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජකයින්ට තම දායක මුදල් ගිණුම්ගතවී ඇත්ද යන්න දැනගැනීම සඳහා මාස 06-12 අතර කාලයක් ගතවෙයි.
ඒ හේතුවෙන් දායක මුදල් ගිණුම්ගතවීම සම්බන්ධ ගැටලු රාශියකට සාමාජිකයින් නිරන්තරයෙන් මුහුණ පාන බවට හඳුනාගෙන ඇත. ඒ අනුව එම අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුමට බැර වී ඇති බව මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට හැකිවන පරිදි ගිණුම්ගත වූ සැණින් සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් දැනුම්දීමේ සේවාවක් ආරම්භ කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

