සෝමාවතියේ වන සත්තු සමූල ඝාතනය කෙරෙති
දඩයම්කරුවන් විසින් නියඟය දඩමීමා කරගනිමින් සෝමාවතිය ජාතික උද්‍යානයේ පිහිටි කුඩා වැව්වලට වස මිශ්‍ර කරමින් වන සතුන් දඩයම් කිරීම නිසා එහි ජීවත්වන සතුන් සමූල ඝාතනය වෙමින් පවතින බවත්, මේ වනවිට වැව් ආශි‍්‍රතව ජීවත්වන මුවන්, ගෝනුන්, ඉබ්බන්, කිඹුලන් උද්‍යානයේ තැන් තැන්වල වැටි මියගොස් සිටියදි ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් අනුව අද (05දා) සොයාගත් අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක සහ සෝමාවතිය උද්‍යාන භාරකරු කේ.ඒ. උපාලි කුමාරසිංහ මහතා පැවසීය.
මේ දිනවල පවතින දැඩි නියඟ හේතුවෙන් සෝමාවති ජාතික උද්‍යානයේ වන සතුන් විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් රාති‍්‍ර කාලයේ දඩයම් කරන බවත්, මෙම ජාතික උද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වන දඩයම්කරුවන් විසින් සත්පත්තිණි වැවට සහ අග්බාල්පුර වැව්වල ජලයට වස මුසු කර සතුන් දඩයම් කිරීම් සිදුකරන බව අවට ගම්වාසීහු පවසති. මෙම ජාවාරම්කරුවන් සෑම නියඟ කාලවලදි මෙසේ වැව්වලට සහ දියකඩතිවලට වස මුසු කර වන සතුන් දඩයම් කිරීම බහුලව සිදුකරන බව ගම්වාසීහු පවසති.
මෙම උද්‍යානය තුළ දහස් ගණන් ගවයින් සිටියදී වන සතුන් පමණක් මැරෙන්නේ ඒ පිළිබද ගවපට්ටිකරුවන් වස මුසු ස්ථාන දැන සිටින බැවින් ගවයින් එම ස්ථානවලින් ජලය පානය කිරීමට ඉඩ නොදී සිටින බව දන්නා නිසා බව ඔවුහු සඳහන් කරති.
මෙසේ වසමුසුකර දඩයම් කර ලද සතුන්ගේ මස් පොලොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ප්‍රදේශයෙන් පිට පිහිටි සංචාරක හෝටල් වෙත දඩයම්කරුවන් විසින් අලෙවි කරන බවත්, වස මුසු වනසතුන්ගේ මස් අනුභව කිරිමෙන් වැළැකී සිටින ලෙසත් එවැනි මස් අනුභව කිරීමෙන් තම ජීවිතය පවා අහිමි විය හැකි බවද පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක සහ සෝමාවතිය උද්‍යාන භාරකරු කේ.ඒ. උපාලි කුමාරසිංහ මහතා දන්වා සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරු මැදිරිගිරිය තලාකොළවැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත්, ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අනිත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෙට (06දා) හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වනජීවී නිලධාරීහු පැවසූහ.
හිගුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලක

popular news
- 
                            
Champa Sunday, 05 August 2018 11:48 PM
හනේ දෙයියෝනේ ලොකු මුවෙක්ව මරල. සෝමාවතී වනෝද්‍යානයට දිවා රාත්‍රී මුර සංචාරයක් දාන්න බැරිද? වන ජීවී ඇමතිතුමා කිව්වනේ සිවිල් ආරක්ෂක බලකායේ 3000ක්ද කොහෙද ඉන්නවා කියලා උදව්වට. අභය භූමි වල සත්තු මරණ මිනිස්සුන්ට ඇප නැති කරන්න ඕනේ. මිනිස්සු මේවා කරන්නේ නීතිය ලිහිල් නිසා. නීති තද නම් මේ තරම් නිදහසේ අභය භූමි වල ඉන්න සත්තු මරන්නේ නැහැ.
Reply : 54 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                