විදේශගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය දෙන්න තේරීම් කාරක සභාවක්
විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (16දා) දින පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය.
මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-2024 මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නේය.
මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.
popular news
-
Rata wasiya Saturday, 17 October 2020 05:00 AM
20ta erehiwama KALU KODI osawamu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

