වතුකරයේ සියලු දෙනාට නිවාස - අගමැති
වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
මහ මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා අද (26) දින හැටන් පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසිය.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
මට අන්තිමට ආරුමුගන් තොණ්ඩමන් මහතා හම්බ වුණේ 2020.05.26 දින . එදා එතුමා එක්ක ජිවන් , සෙන්දිල් හිටියා. එදා එතුමා වැඩියෙන්ම කතා කලේ වතු කම්කරුවන් ගැන. දහස ඕනිමයි කිව්වා . නිවාස ප්රශ්නය ගැන කතා කලා . තමුන්නාන්සේලාගේ ප්‍රශ්න ගැන තමයි කතා කලේ.
ඔබලාගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ කොහොමද කියලත් සාකච්ඡා කලා. සියා සහ පියාට වඩා වෙනස් විදිහකට තමයි ජිවන් ඔබගේ අයිතිවාසිකම් ලබාගන්න කටයුතු කරන්නේ. වතුකරයට කාපට් මාර්ග සහ කොන්ක්‍රිට් මාර්ග ඉදි කරලා සංවර්ධනය කලේ 2005 සිට 2015 දක්වා තිබු අපේ ආණ්ඩුවෙන් ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලිම් පරිදි.
දැනට තියෙන වතු නිවාස වලට වඩා වෙනස් තට්ටු නිවාස ක්‍රමයක් අපි ඉදි කරන්න මුදල් වෙන් කලා. වතු නිවාස විදුලි එළියෙන් බැබලුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මැදිහත් විමෙන්. එතුමා දැනන් සිටියා යහපාලන රජයෙන් වතුකරයට කිසිදු සේවාවක් කරන්න වෙන්නේ නැ කියලා.
වතුකරයේ ජනතාවට සේවය කරන්න හැමදාම අලුතින් පිහිටුවන සියලුම ආණ්ඩු සමග එතුමා කටයුතු කළා. නමුත් යහපාලනය එක්ක එතුමා එකතු වෙන්නේ නැතුව අපි සමග ආණ්ඩුවක් පිහිටුවනකම් වතුකරයේ ජනතාව වෙනුවෙන් පෙනි සිටියා.
අපි ඉදි කල පාසල් වලින් අධ්‍යාපන ලබලා වතුකරයෙන් එළියට ගිහින් අද තරුණයන් විශාල පිරිසක් වැඩ කරනවා. ගුරුවරුන් හයදහසක් වතුකරයට ලබා දුන්නා අපි. වතුකරයෙන් විශ්ව විද්‍යාලය යන දරුවන් සිටිනවා.
වතුකරයේ ජනතාව වතුකරයෙන් එළියට ගෙන ගොස් ජයගන්න අපි කටයුතු කරලා තියෙනවා.
තොණ්ඩමන් මහතා කවදාවත් රට බෙදන දේශපාලන අරමුණු වලට වතුකරයේ ජනතාවට යොමු වෙන්න ඉඩ දුන්නේ නැ.
ඇතැම් අය අහනවා කොරොනා සමයේ තොණ්ඩමන් මහතාට පමණක් විශේෂයක් කලේ ඇයි කියලා. ත්රස්තවාදයට යට වෙලා දහස් ගණන් මිය යන්න හිටපු වතුකරයේ ජනතාව ආරක්ෂා කලේ , තොණ්ඩමන් ඇමතිතුමා.
කොතරම් චෝදනා ආවත් එතුමාට ඒ ගෞරවය ලබා දුන්නේ එ නිසා. සුළු ජාතින් ගැන කතා කරන සමහර අය මේ පිළිබදව අපිට චෝදනා කිරිම සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා. ව්‍යාජ දේශපාලන යෝජනා වලට වතුකරයේ ජනතාවට මේ පාර රැවටෙන්නේ නැ.
මෙතෙක් කල් නව නිවාස ලබා දුන්නේ වතුයායේ වැඩ කරන අයට පමණයි . නමුත් ජන්ද ලේඛණයේ නම තියෙන සැම කෙනෙක්ටම වතු නිවාස ලබා දෙන්න කියලා තොණ්ඩමන් මහතා සහ ජිවන් ඉල්ලිමක් කලා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ දැක්ම යටතේ වතුකරය සමෘද්ධිමත් කරන්න කටයුතු කරනවා. හැබැයි සතුටු වෙන්න දෙයක් තියෙනවා තොණ්ඩමන් මහතා අපිට ජිවන් තොණ්ඩමන් ලබා දිලා තියෙනවා වතුකම්කරුවන්ට සේවය කරන්න යනු වෙන් පැවසිය .

popular news
-
Champa Tuesday, 28 July 2020 01:48 AM
අනේ මේ අගමැතිතුමා, වතු දෙමලු ඉන්නේ 4.12%ක් විතරයි. රටේ වැඩි ජනගහනය සිංහලයා ගැන කතා කරන්න. මම කතා කරන්නේ අලුත් උප්පැන්නය ගැන. ජාතිය (race) සහ ජන වර්ගය/ජාතිකත්වය (ethnic group/ethnicity) කියන්නේ දෙකක්. අනික nationality කියන්නේ ජාතිකත්වය නෙමෙයි, පුරවැසිභාවය. උදාහරණයක් විදිහට දෙමල පුද්ගලයෙක් ගත්තොත්, ඔහුගේ ජාතිය: දෙමල. ජන වර්ගය: ඉන්දියන්. පුරවැසිභාවය: ශ්‍රී ලාංකික. -- මුස්ලිම් නම්, ජාතිය: මුස්ලිම්. ජන වර්ගය: අරාබි. පුරවැසිභාවය: ශ්‍රී ලාංකික. -- සිංහලයෙක් ගත්තොත් ජාතිය: සිංහල. ජන වර්ගය: යක්ඛ හෝ වැදි. පුරාවිද්‍යා ලොක්ක වගේ තමන් විජය හොරාගෙන් පැවතෙනව කියල කියන කෙනෙකුට පුළුවන් තමන්ගේ ජන වර්ගය: වංග කියල ලියාගන්න. මේ හදන්නේ සිංහල ජාතිය නැති කරන්න විතරක් නෙමෙයි, දෙමව්පියන්ගේ විවාහක බව අහන කොටුව අයින් කරලා එකට ජීවත්වීම නීතිගත කරලා, සිංහල ජාතිය අවජාතකයන් කරන්න හදන්නේ. තව අහම්බෙන් දැක්ක ගයාන් සඳ කැලුම්ගේ විඩියෝ එකකින් අලුත් උප්පැන්න සහතිකෙන්, පරණ එකේ තිබුණු "විස්තර 18ක් ඉවත් කරලා" තියෙනව කියලා. ඒ හින්ද, අගමැතිතුමා, ඔබ සිංහලයෙක් නම්, අලුත් උප්පැන්නේ "සම්පූර්ණයෙන්ම" අවලංගු කරන්න.
Reply : 0 8
Champa Tuesday, 28 July 2020 02:03 AM
වෙනස් කරපු උප්පැන්න සහතිකය ගැන අලි සබ්රිගේ කාහල නාදය සහ වර්ණනාව මගින් පෙන්නුම් කරන්නේ සිංහලයා නැති කරන අලුත් උප්පැන්නේ ගේන්න උවමනා වෙලා තියෙන්නේ මුස්ලිම් සහ මැලේ ජාතිකයන්ට කියල. අමතක කරන්න එපා, අගමැතිතුමා, හැමෝම එකතු වෙලා, මුස්ලිම් සහ මැලේ ජාතිකයන් පවා එකතු වෙලා, 2015 පරද්දපු ඔබව නැවත බලයට ගෙනාවේ සිංහල බෞද්ධයන්. ජාතිවාදී දෙමල සහ මුස්ලිම් දේශපාලකයන්ගේ දඬු අඬුවට අහුවෙලා ඔවුන්ගේ කේවල් කිරීම් හමුවේ කර කියා ගන්න දෙයක් නැතුව හිටි සිංහල දේශපාලකයන් එයින් මුදා ගත්තේ ඔබ වෙනුවෙන් එකමුතු වෙලා පාරට ආපු සිංහල බෞද්ධයන්. ඒ හින්ද ඔබ වෙනුවෙන් පණත් දෙන්න හිටි සිංහල බෞද්ධයන්ව අලි සබ්රි වගේ ජාතිවාදියෙකුට දෙවෙනි කරන්න එපා. මතක තියාගන්න, අද ඔබ වැඩ කරන විදිහ බලල තමයි සිංහල බෞද්ධයන් අනාගතේ ඔබේ දරුවන්ට සැලකීම හෝ නොසැලකීම සිද්ද වෙන්නේ.
Reply : 0 14
Kumar Wednesday, 29 July 2020 09:19 PM
If the estate worker fall this kind of promises then brain transplants.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

