ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකළ හැකියි - රුසියා තානාපති
මොස්කව් (ස්පුටිනික්) ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි පවසයි.
ස්පුට්නික් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකා රජය පරිසර දූෂණයෙන් තොර බලශක්තියට කැමැත්තක් දක්වන බවත් ගල් අඟුරු සහ ඉන්ධන භාවිතයෙන් කරන විදුලි නිපදවීම ක්‍රමයෙන් ගෑස් හා විකල්ප බලශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඒ අනුව දිගුකාලීන දෘෂ්ඨිකොණයකින් න්‍යෂ්ටික බලශක්තිය භාවිත කළ හැකි බවත් ඒ සඳහා දැනටමත් උත්සාහයන් දරා ඇති බවත් තානාපතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සැලකිල්ලට ගැනීමේදී බලශක්ති පරිභෝජනය සැලකිය යුතු ලෙස වැඩි වෙමින් පවතින බවත් මේ අනුව න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ අදහස සාකච්ඡා කළ හැකි බවත් එය දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු පැවැසීය.
රුසියාවේ න්‍යෂ්ටික සංස්ථාව වන රොසැටම් ආයතය හා ශ්‍රී ලාංකාවේ ඒ හා සම්බන්ධිත ආයතන න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳව අන්තර් රාජ්‍ය මට්ටමින් එකඟතාවයකට පැමිණ ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 12 February 2020 07:01 PM
හොඳයි වැඩේ. ඇමරිකාව එම්සීසී එකෙන් ඉඩම් ටික විකුණන ගමන් රුසියාවටත් දෙන්න පොරොන්දු වෙලා වගේ. හිටපු එවුන් රට වික්කේ දෙකකට. දැන් ඉන්න එවුන් රට ලෝකෙටම විකුණනවා.
Reply : 0 1
Kumar Wednesday, 12 February 2020 10:07 PM
ඔය උගුලට අසුවෙන්න එපා! න්‍යෂ්ටික විදුලිබලාගාර බටහිර රටවල් වැසීගෙන යනවා. එහෙම කිව්වට ඇත්තටම වැසෙන්නේ තව වසර 10,000 කින්. එයට හේතුව එහි ඇති ද්‍රව්‍යවල විකිරනශීලි බවය නැතිවෙන්න එතරම් කල් යනවා. ඒ කියන්නේ එතෙක් සේවක මණඩලයක් ඒ බලාගාරයේ පැවතුම බලාගන්න ඕනෙ. එම බලාගාරයේ දිය කාන්දුවීමක් සිදුවුනොත් ඒ අවට සියලු දෙයම ඉවත්කර ඒවා තැන්පත කරන රටකට යවන්න වෙනවා. එහෙම බලනකොට ඔයගොල්ලන් කැමති අඟුරු කකා වතුරබෝන විදුලිබලාගාර හොදයි. .
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

