රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවට
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මොවුන් සියලු දෙනා වයස අවුරුදු 30 ට අඩු රුසියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මෙම පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය ඊයේ රාත්‍රී 10.54 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස සහ ඔවුන් විසින් රැගෙන ආ බඩුබාහිරාදිය ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් විසින් විශබීජ හරණය කිරීමකට ලක් කෙරුණි.
ඉන් අනතුරුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මෙම පිරිස අතර කොරෝනා රෝග ලක්ෂණ සහිත ගුවන් මගීන් සිටී දැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා බලන්නට වූහ.
පසුව මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , ඔවුන්ගේ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

