රිෂාඩ් සල්ලි හොයන හැටි අගමැති දන්නේ නැතිලු
වන්නි දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අරමුදල් සම්පාදනය කර ගන්නා අයුරු තමන් නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (14දා) වව්නියාවේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මේ ප්‍රදේශයේ (වන්නි) ඇමති ලෙස රිෂාඩ් බද්යුදීන් මහතා විශාල සේවයක් කරගෙන යනවා. කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මමවත් දන්නේ නෑ. දැන් මන්නාරමටත් නවීන රෝහලක් දෙන්න තමයි සිදුවෙලා තිබෙන්නේ. ඒකත් කරනවා. මුළු වන්නියේම අලුත් රෝහල් ක්‍රමයක් ඇතිවෙන්න යනවා.
මේ රටට ආහාර සපයන විශාලම ප්‍ර දේශයක් ලෙසට වන්නිය හඳුනාගෙන තිබෙනවා. වන්නියට ඕක සම්ප්‍රදායික කාෂිකර්මය නෙමෙයි. අපි නවීන කෘෂිකර්මය මෙහාට ගෙනෙන්න තිබෙනවා.
ඒ නිසා මතක තියා ගන්න වන්නිය සංවර්ධනය කරන්න ඕන. සංවර්ධනය කරන අයත් එක්ක යන්න ඕන. අවුරුදු පහක් වන්නිය අමතක කරපු අයට දෙන්න (ඡන්දය) දෙනන එපා.”

popular news
-
Anura Thursday, 15 August 2019 01:44 PM
අනේ මෙහෙමත් අගමැති ගෙනෙක් ලංකාවේ කිසි දිනක සිට නොමැත . මුස්ලිම් චන්ද වලට කරන ජරා ප්‍රකාශ බලන්න. රටේ විනාසයට වල කපන කෙනෙක් රනිල් . බල තණ්හාවට මේ මිනිසා නොකරන දෙයක් නොමැත .!!
Reply : 12 83
Egodaha yanno Thursday, 15 August 2019 06:02 PM
Ranil gena Dana maadya dena dena Ranilge katha vikrthi karana bawak penenawa
Reply : 71 2
Kumar Wednesday, 21 August 2019 09:33 PM
එක එකා සල්ලි සොයන හැටි සොයන එක අගමැති කාර්යක් නොවේනෙ. මම සිතන විධියට අගමැති ඒක විරුද්ධ පක්ෂය පවරලයි තිබෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

