රතුපස්වල වෙඩි තැබීමට නීතිපති නඩු පවරයි
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බ්රිගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11දා) නඩු පවරන ලදී.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග්ර විනිශ්චකාරවරයාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් අනතුරුව නීතීපතිවරයා විසින් මෙලෙස මහාධිකරණයේ නඩු පවරන ලදී.
මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් පත් කරන ලදී.
popular news
-
man Thursday, 12 September 2019 08:01 AM
ගොටභය නිදහස් වෙන විදියට කරුණු අදිරිපත් කරාවිද sure නැහැ එතකොට ගෝටා තවත් popular වේවි මිනීමරු ගොටභය අහිංසක වේවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

