රට තුළට ගෙන එන සංචාර සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස්
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල්01 වන දින සිට ක්‍රියාත්මක වේ.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සලකා බැලීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පසුගිය දා අනුමැතිය හිමි වූ බවයි.
මෙරටට සංචාරකයන් රැගෙන ඒම සදහා ඉතා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම සංචාරක නියෝජිතයන් 1000 කට ආසන්න සංඛ්‍යාවකින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිම සදහා ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගනිමින් සිටින බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ සංචාරක නියෝජිතයන් රට තුළට රැගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීම ඒ සදහා ගත් එක පියවරක් බවයි. සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ගේ ඉල්ලීම අනුව තවත් පියවර රැසක් ඉතා කඩිනමින් ගැනීමට නියමිත බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවලට අනුව 2019 වසරේ දී ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3724 කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ වසර 05 ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම සදහා සංචාරක කර්මාන්තය දියුණු කරන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවේදී ද කොවිඩ් 19 වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසුව සංචාරක ක්ෂේත්‍ර යේ අදාළ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.

popular news
-
Bayila Tuesday, 02 June 2020 11:50 AM
Kayda ban me kale sanchara walsta lsnkawata enne. Ayi anduwa gane quarantine 14 idum hitum kama beema nikan denawada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

