මේ 225 මුහුදේ දාලා, දියවන්නාවේ දාලා වෙන 225ක් ගේනවද?
දේශපාලනය නිසා ශ්රී ලංකාවට දියුණු වීමට නොහැකි වූ බවත් වෙනසක් සිදුකළ යුතු බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ශ්රී ලංකා තරුණ ස්වේච්ඡා සේවය අරම්භ කිරීමට අදාළව අරලිය ගහ මන්දිරයේ ඊයේ පැවැති උත්සවයකදී අග්රාමාත්යවරයා මේ බව පැවැසීය.
“ තරුණයින්ට අද මේ රටේ ආණ්ඩුක්රමය ගැන විශ්වාසය නැතිවෙලා තිබෙනවා. කවුද මෙතන හරි. අද තරුණයන් කියන දේ ගැන ඇහුම්කන්න දෙන්න ඕන. කොච්චර ප්රශ්න තිබුණත් බඩගාලා හරි මම මේ ආණ්ඩුව ඇඳගෙන ගියා.
දැන් ඔබට ඕන අලුත් රට නිර්මාණය කළ යුතුයි. කොහොමද ඒක කරන්නේ. මුහුණු මාරු කරලා ඒක කරනවද? මේ 225 මුහුදේ දාලා දියවන්නාවේ දාලා වෙන 225ක් ගේනවද? නැත්නම් අපි ක්රමවේදය වෙනස් කරලා ඉදිරියට යනවද?
ඇයි අපිට දියුණු වෙන්න බැරිවුණේ අපේ දේශපාලනය නිසාද? ඔව් ඒක අපි පිළිගන්න ඕන. මමත් ඉන්නේ ඒ වෙනස ඇති කරන්න ඕන කියලා. ඒකට මට කරන්න පුළුවන් කැපවීම මම කරන්න ලෑස්තියි.”

popular news
- 
                            
කෝලිත Sunday, 18 August 2019 11:56 AM
නෑ බෙල්ලෙ ගලක් ගැටගහගෙන දියවන්නාවට පනින්න.අපි රට බේරගත්ත වීරයෙක් විදිහට සලකන්නම්...
Reply : 0 10
ගමගේ Sunday, 18 August 2019 12:53 PM
මේවා මෙයාගේ පක්ෂය ඇතුළෙන්ම එන තවදුරටත් බලා ඉන්න බැරි බලවේග නිසා මෙයාට යන්න වෙලා. නැතුව කැපවීම් කරනවා කියන්නේ අපි රවටන්න විහිලු. මෙයා අනාගත්තේ අර රටට කිසිම ආදරයක් නැති මහේන්ද්රන් ගෙනල්ල අපේ මහජන මුදල් සොරා කන්න දීල ඌව රැකගන්න දරදිය ඇද්ද එකයි. දින්නේ කොච්චර අමාරුවෙන්ද. පඹයෙක් ජනාදිපති කරලා අද එයත් මෙයාට වල කපනවා අර මහේන්ද්රන් කෙනෙක් නිසා. තව ටික දවසකින් ඉතින් අයෙත් සුදු වැන්වලින් ඇවිත් උස්සගෙන යන හැටි තමයි බලන් ඉන්න වෙන්නේ.
Reply : 0 110
Bandula. Sunday, 18 August 2019 03:58 PM
ඕක ඉතින් අහන්නත් දෙයක්ද, පුළුවන්නම් දානවා තමා, ඡන්දෙදි ඒක ජනතාව කරවී, ඔයා ඉදිරියට යන්න ඕනවෙන්නේ නැති වේවි.
Reply : 0 0
Kumar Sunday, 18 August 2019 08:13 PM
තමන්ට අවසිවෙනකොට ආණ්ඩු වෙනස් කරන්න බැහැ. චන්දෙ එනකන් ඉවසගෙන ඉන්න. වායු සමනය කල අධික ලෙස මුර යෙදු කාර්යාල තුල ඉදන් යුද කල වීරයෙක් ඉදිරිපත් වෙලා ඉන්නෙ. බලාගෙන ඉන්න පෙළපාලි යනකොට පොලුපාර ලැබෙන විටයි පිරිසිඳු වතුර ඉල්ලනකොට උණුසුම් උණ්ඩ ලබෙනකොටයි, අර රෙද්ද අස්සේ සර්පයා දාගත්ත කෙනා වගේ කෑගහන්න පටන්ගන්නයි වෙන්නෙ.
Reply : 0 11
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                