මුහුණට මුහුණ ගැටීමට ගිය දුම්රිය අනතුරක් නූලෙන් වැළකෙයි
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා වටවල අතරදි දුම්රිය දෙකක් අද (11) මුහුණට මුහුණ ගැටී සිදුවන්නට දිය විශාල අනතුරක් දුම්රිය රියදුරන් ගේ දක්ෂතාවය නිසා වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබේ.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය ගල්බොඩ දුම්රිය ස්ථානය පසු කර වටවල දක්වා ගමන් කරමින් සිටියදී වයිස්රෝයි ගල් අඟුරු වාෂ්ප දුම්රිය වටවල සිට ගලබොඩ දෙසට ගමන් කරමින් තිබියදී එම දුම්රිය දෙක එකිනෙක ගැටීමට අඩි දහයක් පමණ තිබියදී එය නතර කර ගැනීමට දුම්රිය රියදුරන් පියවර ගෙන තිබේ.
වයිස්රෝයි ගල් අඟුරු වාෂ්ප දුම්රියේ රටවල් 12 කට අයත් සංචාරකයන් විශාල ප්රමාණයක් වනවිට ගමන් කරමින් තිබූ තිබූ බව ද පැවසේ.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කොට තිබේ.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kumar Wednesday, 12 February 2020 07:57 AM
දැන් සංඥා එලිද තිබෙන්නෙ. පරණ ක්රමයට මෙවැනි දෙයක් සිදුන්නෙ නැහැ. මේ ගමනත් පරුෂ වචන කියකියා රියදුරු තිර්න්ගේ හිර කරන්න ඇති. එක ගමනම දුම්රිය දෙක යැවු කෙනාගේ මෑණියන්ටත් බනින්නත් ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

