මාතර සිට බෙලිඅත්ත දක්වා දැනට ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට තීරණයක්
දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ( 2020.07.30 ) අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් මාර්ග තදබදය අඩුකර ගැනිමත් අපේක්ෂා කරන අතර, රටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පැයට කි.මි.100 වඩා වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සක්‍යතා අධ්‍යනය හා ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු මෙම වසර තුළ අවසන් කෙරේ. ඉදිරිකිරීම් කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන අතර, 2023 දී පළමු දුම්රිය ධාවනයට සැලසුම් කර තිබේ.
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නිල්වලා ගඟේ පාළම ඉදිකර තිබූ බැවින් ගැටළුවකින් තොරව දුම්රිය මාර්ගය ඉදිකිරීමට හැකි වූ අතර, හම්බන්තොට දක්වා මෙම මාර්ග ඉදිකිරීමේ දී ගැටළුවක් පැන නොනගින බවත් ඇමතිවරයා සඳහන් කළේය. එමෙන්ම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී දේශීය ඉංජිනේරුවරුන් හා තාක්ෂණය හැකිතාක් දුරට යොදා ගැනීම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.

popular news
-
රජයේ සේවක Friday, 31 July 2020 03:17 PM
බෙලිඅත්ත - හම්බන්තොට පැතිවලට වඩ විශාල ජනතාවක් සිටින සහ විශාල මාර්ග තදබදයක් තියන අවිස්සාවේල්ල - කොළඹ, මීගමුව - කොළඹ දැනට පවතින තනි දුම්රිය මාර්ග ද්විත්ව දුම්රිය මාර්ග කරන්න ඔය මුදල යෙදෙව්වොත් හොඳයි නේද?
Reply : 0 0
Deepal Nirosh Friday, 31 July 2020 04:05 PM
බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය විහිදී ඇත්තේ රට මැදින්, එය නැවත මුහුදුබඩව පිහිටි හම්බන්තොට දක්වා ඉදිකිරිමට වඩා අඟුණකොළපැලැස්ස, ඇඹිලිපිටිය, සූරියවැව, ලුණුගම්වෙහෙර හරහා කතරගම දක්වා පියවර කිහිපයක් වශයෙන් ඉදිකිරීමට සැළසුම් කිරීම නේද සුදුසු? හම්බන්තොටට උප දිගුවක් දමන්න පුළුවන්. නමුත් ඇමතිතුමා මේ ව්‍යාපෘතිය මඳකට පමාකර කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස ප්‍රර්ධනය කළොත් මගීන්ට කොතරම් ඵලදායි ද? කොළඹ රථවාහන තදබදය කොපමණ අඩුවේවි ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

