මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමාකිරීමේ සූදානමක්
ඓතිහාසික මන්නාරම මරඳමඩු දේවස්ථානයේ මෙවර වාර්ෂික මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට හා ආරක්ෂාව තර කිරීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
එළඹෙන ජුලි මස දෙවනදා සිට මඩු මංගල්‍යය දේව මෙහෙයන් ආරම්භ වන අතර එම දිනයන්ට පැමිණෙන බැතිමතුන් මඩුමාතා විශේෂ දේව මෙහෙය පැවැත්වෙන අගෝස්තු මාසය දක්වා මඩු දේවස්ථාන භූමියේ තාවකාලික කූඩාරම් ඉදිකොට රැඳී සිටියි.
කෙසේ වෙතත් මෙවර පවතින කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් දේව මංගල්‍යය සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද සෞඛ්‍ය උපදෙස් මත දුර සිට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට සිදු වන බවටත් ඉන් බැතිමතුන් වෙනුවෙන් සිදුවන අපහසුතාවන්ට කනගාටුව ප්‍රකාශ කරන බවටද මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය පවසා සිටියි.
එමෙන්ම මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමේ කටයුතු සොයා බැලීමට මන්නාරම 54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බංඩාර මහතා මඩු දේවස්ථාන භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් උපරිම ආරක්ෂාවක් බැතිමතුන්ට ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

