මත්ද්‍රව්‍ය බෙදා හැරි ස්ථානයක් වටලයි
හිගුරක්ගොඩ ගිරිතලේ ජනපදයේ නිවසක කලක පටන් පවත්වාගෙන ගිය ගංජා බෙදා හැරිමේ මධ්‍යාස්ථානයක් කේරළ ගංජා ග්‍රෑම් 500ක් , ත්‍රිවිල් රථ දෙකක් යතුරු පැදි 03ක් සහ පුද්ගලයින් 06ක් අද (13) දින අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ මත්දුව්‍ය වැටලිම් එකකය පවසයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ පොලොන්නරුව , අරලගංවිල, වැලිකන්ද, මැදිරිගිරිය , හිගුරක්ගොඩ සහ මින්නේරිය යන නගරවලට ගංජා බෙදාහරින මධස්ථානය බව පොලිසිය කල විමර්ශන වලින් හෙළිවි තිබේ. මෙම පුද්ගලයා කලක පටන් ඉතා සුක්ෂම ලෙස මෙම ව්‍යාපාරය සිදු කර තිබේ. මෙම නිවස වටලන අවහ්ථාවේ විවිධ ප්‍රදේශවලින් ගංජා රැගෙනයැම සදහා පැමිණි තරුණයන් 05 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
උතුරුමැද පළාත් ජේයෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාශය භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදේස් පරිදි පොලොන්නරුව මෙම වැටලිම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ මතුකුඩු අධිකරණ කටයුතු සිදු කිරිම සදහා පොලොන්නරුව මුලස්ථාන පොලිසිය වෙත භාර දුන් බව පොලොන්නරුව කොට්ඨාශ මත්දුව්‍ය වැටලිම් එකකය පවසයි.
හිගුරක්ගොඩ- ඩබ් ඒ පියතිලක
popular news
-
Kumar Thursday, 13 February 2020 10:12 PM
සැමදාම මේ ද්‍රව්‍ය එකතු කරනවා විතරයි. එතනින් පසු එම ද්‍රව්‍යට මොනවා වෙනවද කියල දන්නේ දෙවියෝ විතරද? මේ වැටලීම් වලින් මුදල් ලක්ෂ ගණන් හමුවෙනවා එම මුදල් වලින් සමහරු කෝටිපති වෙනවද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

