මගේ විදේශ සංචාර ගැන වැරදි ප්රවෘත්ති පළවෙනවා - ජනපති
තම විදේශ සංචාර පිළිබඳව වැරදි ප්රවෘත්ති පළවෙන බවත් තමන් එක්වූ සෑම විදේශ සංචාරයක්ම තමන්ට ලැබුණ ආරධනා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“මගේ විදේශ සංචාර පිළිබඳව වැරදි ප්රවෘත්ති පළවෙනවා. මම විදේශ සංචාර යනකොට පසුගිය අවුරුදු 4 හමාරක කාලය තුළ කිසිම අවස්ථාවක 10 දෙනෙකුට වඩා අරගෙන ගිහින් නෑ.
වැඩිම ගණන 10ක්. තජිකිස්ථානයේ සමුළුවට මමත් එක්ක ගියේ ආණ්ඩුකාරවරු දෙන්නෙකුයි. පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුයි. උදේ කියනවා 50ක නියෝජිත පිරිසක් එනවා කියලා.
සමහර රේඩියෝ පුනපුනා කියනවා. මම දන්නවා හදලා දුන්න තැනත්. ඔහේ කියනවා. අඩුම තරමින් මගේ මාධ්‍ය ඒකකයෙන්වත් අහන්නේ නෑ.
මගේ මුළු නිලකාලය තුළ මම ඉල්ලලා හෝ මගේ පුද්ගලික උවමනාවකට මම ගිහින් නෑ. හැම එකක්ම මට ලැබුණ ආරාධනා. එහේ ගියාම මම ඉන්න හෝටලයත් නිකම් දෙන්නේ.
ජාත්‍යන්තර සමුළුවලට ආරාධනා කළාම ශ්‍රී ලංකාව කියලා නම ගහලා තිබෙනවා. ගියේ නැත්නම් පුටුව හිස්. මම යන හැම සමුළුවකින්ම රටට යමක් ගෙනත් තිබෙනවා.”

popular news
-
shan Wednesday, 26 June 2019 10:52 AM
අනේ නැහැ අපිදන්නවා " මා බාල කලේ අම්මගේ උකුලේ උන්නාට පස්සේ යන්නේ මේ ලෝකේ වටේ" කියල ගිහින් බල ගන්න මොක හදිස්සියේ හරි මළොත් පාර්ලිමේන්තුවේ පෙරේතයෙක් වෙලා ඉදගන මහජන මුදල් අස්ථාන ගත කරන්න පුළුවන් ඒ කරුමෙන් රටම ගැලවෙනවා මේකෙන්
Reply : 0 121
Champa Thursday, 27 June 2019 08:45 AM
ආරාධනා හැම ජනාධිපතිටම හම්බ වෙනවා. හැබැයි ඒ හැම එකම රටේ ජනාධිපති බාර ගන්නේ නැහැ. ඒ මොකොද නිකරුනේ මුදල් නාස්තියක් නිසා. 2015 ජනවාරි ඉඳන් මාස 53 ට ගිය විදේශ ගමන් වල මධ්‍යන අගය ගත්තොත් සෑම දවස් 20-25 ත් අතරට විදේශ සංචාරයක් ගිහින් තියෙනවා. ආරාධනාව කළාහම යන්නේ නැහැ කිව්වහම එතන ශ්‍රී ලංකා පුටුව හිස් තියන්නේ නැහැ. කවුද ඔය මෝඩ තර්කෙ දුන්නේ? එතකොට පුටුව අයින් කරනවා. අවුරුදු 4ම කරේ මොකක් හරි ලොකු බයිලාවක් පටන් අරන් ඒක ඇද ඇද ඉඳල මිනිස්සු ඒ ගැන කතා කරන්න පටන් ගත්තට පස්සේ හීන් සැරේ මාරුවෙලා රට යන එක. දැන් අලුත්ම එක 19 අහෝසි කිරීම. දැන් මම බලා ඉන්නේ ඊළඟට යන රට මොකක්ද කියලා. පොතේ හැටියට ජූලි මුල සතියේ ආයේ රටකට යන්ට නියමිතයි. එක්ක ගියේ 10ලු. පට්ට බොරුවක්. හරි එක ටිකට් එකක් ඇමරිකන් ඩොලර් වලින් කීයද? Up and down. උදාහරණයක්: Ticket price USD1000 X 10 people X 48 times = USD480,000 මහා මුදල් නාස්තියක්. ධනවත් රටක ජනාධිපති කෙනෙක්වත් මෙහෙම මුදල් නාස්ති කරන්නේ නැහැ රට සවාරි වලට. එතකොට රනිල්ගේ ගමන් ටිකත් එකතු කරහම කොහොමද? ඈත ගම්බද මිනිස්සු එක වේලයි කන්නේ. මාසයක්ම එක එළවලුවක්වත් කාපු නැති දරුවොත් මේ රටේ ඉ
Reply : 0 45
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

