භාණ්ඩාගාරයේ මුදල් නෑ - ජනපති
රටක් වශයෙන් ශ්‍රී ලංකාව හොඳ ආර්ථික තත්ත්වයක නොමැති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මරදාන තනිකඩ භට නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“රටක් වශයෙන් ගත් කළ අපි හොඳ අර්ථික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි හොඳ තත්ත්වයක ඉන්නවනම් මේ ප්‍රශ්න විසඳීම කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නෑ.
පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් හා දීමනා පිළිබඳව අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කළා. භාණ්ඩාගාරයේ තමයි ප්‍රමාදය තියෙන්නේ. භාණ්ඩාගාරයේ සල්ලි නෑ කියන ප්රශ්නය.”

popular news
-
samson de Silva Sunday, 18 August 2019 01:39 PM
රාජපක්සලා කාලයේ party වල නය ගෙවන්න සල්ලි තියෙනවා නේද?
Reply : 1 0
ananda pathirana Sunday, 18 August 2019 01:39 PM
ඔක්තෝබර් 26 අලුතින් අගමැති කෙනෙක් ගෙනාවේ මේ නිසාද?අප්‍රියෙල් බෝම්බ ප්‍රහාරය කිරීමෙන් පසු අලුත් වැඩියකිරීම්, වන්දිමුදල් දීම සදහා අනවශ්‍ය මුදල් නාස්තියක් කළා කියල ආරක්ෂක ඇමති හැටියට හිතන්නේ නැද්ද?එතකොට භාණ්ඩාගාරයේ සල්ලි උනනවාද ?දෙකේ පන්තියේ කතා කරන්න දැන් කාලයක් නැහැ.ගෙදර යන්න සුදානම් වෙන්න.
Reply : 0 8
Kumar Sunday, 18 August 2019 08:03 PM
බාන්ඩාගරයේ මුදල් නැතිවට ඔබතුමාගේ ගමන් අඩුකරන්න සිතුවෙ නැහැ නේද. චන්දය කිට්ටු වෙනකොට තමා ඔය වගේ දේවල් මතක් වෙන්නෙ. චීනෙන් ගෙන සුල්ලිත් වියදම් කළාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

