බෙන්තොට රෝහලේ ඊ.සී.ජි. යන්ත්රය හොරු ගෙනිහින්
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්රතිකාර අංශයේ තිබූ රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී. යන්ත්රය ඊයේ (18) රාත්රියේ කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇතැයි බෙන්තොට පොලිසිය කියයි.
ඊයේ (18) රාත්රී අටට පමණ මෙම යන්ත්රයෙන් රෝගියකු පරීක්ෂා කළ බවත් අළුයම දෙකට පමණ වන විට එම යන්ත්රය තිබූ ස්ථානයේ නොතිබූ බවත් සඳහන් කරමින් රෝහලේ රාත්රී සේවයේ යෙදී සිටි හෙද නිලධාරිනියක විසින් අද (19) පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලීසිය පැවසීය.
මෙම රෝහලේ ආරක්ෂක නිලධාරීන් හෝ මුරකරුවන් නොමැති බවත් සිද්ධිය වූ අවස්ථාවේ එය තිබූ ඒකකයේ ප්රධාන දොරටුව අගුළු දමා වසා දමා තිබියදී මෙම සොරකම සිදුවී ඇති බවත් පොලිසිය කියයි .
බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම් ,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ යන මහත්වරු සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
