බදුල්ලේ තියෙන පොහොට්ටුවේ රැළියට ගෝඨා ආවොත් මම ඔළුවෙන් හිට ගන්නවා
බදුල්ලේ පොහොට්ටුව දිනවිමට 24 වනදා පවත්වන මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරති මම ඔළුවෙන් සිටගන්නවා යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23) දින මෙසේ පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“බදුල්ලේ බංකොළොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොළොත් දේශපාලනය කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ජන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන මේ දේශපාලකයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැලලක්ලු. මෙවනි බංකොලොත් වැඩපක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.
24 දින බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේම නෑ එතුමා එන්නේ නැති රැස්වීම් වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද ජනතාව මුලා කරන්න එපා.
ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවාම තමයි . අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා පක්ෂය නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ. ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා පක්ෂය තීරණයක් ගනියි ඒ තීරණයට අපි වැඩ කරනවා. ජන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලකයින්ට මේ ජන්දයේදි බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා” යැයි ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

popular news
-
Deepal Nirosh Saturday, 24 August 2019 10:01 AM
බදුල්ෙල් රැළියට ෙගා්ඨා අාවත් නාවත් තමුත් ඔළුෙවන් හිට ගත්තත් නැතත් ජනාධිපතිවරණයට ඔය කියන ෙගා්ඨා අනිවාර්යෙයන් ඉදිරිපත් ෙව්වි.
Reply : 1 0
Champa Saturday, 24 August 2019 06:46 PM
මගේ comment එක මේ කතාවට නෙමෙයි. ගෝඨාභය දිනන්නේ නැහැ. තනි පක්ෂයක් විදිහට වැඩිම චන්දදායකයන් ඉන්නේ තමන්ටයි කියල පාරම්බාපු පොහොට්ටුව දැන් සන්ධානෙකට යනවා. පරාජය දැනටම බාර අරන් ඉවරයි. දැනට තියෙන විදිහට නම්, ගෝඨාභය සජිත් අනුර අතරින් දිනන්නේ අනුර. තුන්දෙනාම undesirables වුනාට තුන් දෙනා අතරින් අඩුවෙන්ම රටට අනර්ථයක් කරන්න පුළුවන් මිනිහ විදිහට මිනිස්සු අනුරට චන්දෙ දෙයි. අනුර කුමාර දේශපාලන වශයෙන් නන්නත්තාර චරිතයක් වුනාට, වෙන විකල්පයක් නැති නිසා, පුද්ගලයෙක් විදිහට අරන් මිනිස්සු චන්දෙ දෙයි. අනුර දිනුවොත් බැසිල් හිතන විදිහට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පොහොට්ටුව දිනන්නේ නැහැ. අනුර දිනුවොත් හැදෙන්නේ JVP පාර්ලිමේන්තුවක්. අන්තිමට වෙන්නේ, පුරවැසිභාවය අහෝසි කිරීම වුනා නම්, වුනා නම්, සාමාන්‍යයෙන් කෙරෙන්නේ without prejudice නිසා ගෝඨාභය නැවත ඇමරිකන් පුරවැසි භාවය ගන්නවා. අරන් බැසිලුයි ගෝඨාභයයි ඇමරිකාවට යනවා මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි ගෙදර යනවා. ඒ මොකොද මිනිස්සු හැමෝම අලුත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් චන්දේ දෙන නිසා. ඊළඟ ජනාධිපති කවුද කියන තීරණ තියෙන්නේ ජනතාව අතේ මිසක් පොහොට්ටුව අතේ නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

