පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කළ ජනපති මෛත්‍රී
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට එක්වූ පළමු අවස්ථාව ලෙස සටහන් කරමින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11දා) පෙරවරුවේදී එක්ව තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ගතයුතු තීන්දු තීරණ කිසිසේත් ප්‍රමාද නොකළ යුතු අතර ඒ වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ එම මොහොතේදී ම නිසි පරිදි ගැනීම ඉතා වැදගත් බව ජනපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
ජාතික ආරක්ෂාව ප්‍රධාන තේමාව කර ගනිමින් ආගමන හා විගමන කටයුතු, ත්රස්තවාදයට මුදල් සැපයීම, වෙබ් ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර, සයිබර් ආරක්ෂාව, අධ්‍යාපන ක්‍රමය ආදි ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිද යන ප්‍රධාන අංශ 15ක් යටතේ කරුණු සොයා බැලීම මෙහිදී සිදු කෙරෙයි.
එම වාර්තාව නුදුරේ දී ම පාර්ලිමේන්තුව වෙත භාරදීමට නියමිතය. මෙම කමිටුවේ සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් දරනු ලබයි.
popular news
-
Champa Thursday, 12 September 2019 04:11 PM
මලිත් ජයතිලක? තවත් විදේශීය ගැත්තෙක්ද ජාතික ආරක්ෂාව පිලිබඳ කමිටුවේ සභාපති? ඉන්දියාවටයි ඇමරිකාවටයි තමයි ඕනේ දැනට තියෙන ත්‍රස්තවාදී පනත වෙනස් කරන්න. මේක කොටි ඩියස්පෝරාවේ සහ TNA එකේ ප්‍රධානම කොන්දේසියක්. දෙමල චන්ද වලට කෙල හලන දේශපාලකයෝ උන් වෙනුවෙන් නම් ඕනේ දෙයක් කරයි. අරහේ මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ල කාල. ජනාධිපති අගැමති හෝ බුද්ධ සාසන ඇමති ඒ පළාතක් බලන්නේ නැහැ. හැබැයි කෝවිලකට හරි පල්ලියකට හරි එහෙම වුනා නම් බලන්න තිබ්බ දේශපාලකයෝ පැල් බැඳගෙන එතනට යන හැටි. වරල්ලකෝ සිංහල බෞද්ධ චන්ද ඉල්ලගෙන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

