පාතාල නායක සුපුන්ගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි තුනක් සමග දැලේ
ඝාතන හයක් ඇතුලුව දරුණු ඝනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට විදෙස් රටකට පලා ගොස් සිටින දකුනේ පාතාල කණ්ඩායම් නායකයකු වන සුපුන් බුද්ධිකගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි තුනක් හා ජීව පතුරම් පහක් සමග මාතර දික්වැල්ල ප්රදේශයේදි සැකපිට ප්රශ්න කිරීමට කලුතර පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයේ නිලධාරිහු අද (16 ) සමත්වූහ.
අත් අඩංගුවට ගැනුණු ගිනි අවි තුන අතර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් මෙන්ම ස්පාඥ්ඥයේ නිෂ්පාදිත ගිනි අවියක් හා අංකය මකා ඇති විදෙස් රටක ගිනි අවියක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මේ ගිනි අවි තුනම පාතාල නායක සුපුන් බුද්ධික නමැත්තා තමන් විසින් සිදුකරනු ලැබු ඝාතනවලට යොදාගෙන ඇති බව පරීක්ෂණවලදි අනාවරණයවූ බවද එම බලකාය කියයි.
මේ ගිනි අවි තුන හා සැකකරුවන් තිදෙනා වැඩිදුර පරීක්ෂන සදහා දික්වැල්ල පොලීසියට භාර දුන් බව කලුතර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ ඒකකයේ ප්රකාෂකයෙකු කීවේය .
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

