පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්
ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10දා) පස්වරුවේ තුල්හිරිය මාර්ස් ඇතිනා ශාලාවේ දී ආරම්භ වූ නිවර්තන ජීව විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා - ශාන්තිකර සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
තිරසර මානව හා සාමාජීය පැවැත්මක් තහවුරු කිරීම උදෙසා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
හුදෙකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වන වගා කිරීම මගින් එම හුදෙකලා වනාන්තර කොටස් සම්බන්ධ වී ශාක හා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු කෙරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණ කොට ආවේණික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැක ගැනීමේ හෙට දවස වෙනුවෙන් වූ අද දවසේ වගකීම ද පැහැදිළි කළේය.
එමෙන් ම ශ්‍රී ලංකාවේ විශාල ආහාර බෝග ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කිරීමේ ගැටලූව කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඊට ලබාදිය හැකි ස්ථීරසාර විසඳුමක් පිළිබඳ මෙම සමුළුවේ දී ලෝකවාසි සියලූ පර්යේෂකයන්ගේ මෙන්ම විද්වතුන්ගේ ප්රමුඛ අවධානයක් යොමු වනු ඇති බව තමා විශ්වාස කරන බවයි.



popular news
-
kapila Wednesday, 11 September 2019 10:46 AM
ඔබතුමා ජනාධිපති සහ පරිසර ඇමති වෙලා වසර හතරහමාරක් වෙනවා. පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව අදද දැනගත්තේ?.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

