දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි
හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් නඩු තීන්දුව තහවුරු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම දඬුවම් එලෙසම ක්‍රියාත්මක කිරීමට නියම කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල මරණ දඬුවම නියම කළ දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරී අනුර තුෂාර ද මෙල් නැමැත්තාට දුන් තීන්දුව පමණක් ඉවත දැමූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඔහු සිය`ථම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්රේමෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් වශ්‍යයෙන් මෙම තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි.
දුමින්ද සිල්වා මහතාට අමතරව මෙලෙස දඬුවම් නියම වූයේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද සහ සරත් බණ්ඩාර නමැත්තන්ටය.
ඒ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ගිලන් රථයකින් අධිකරණයට රැගෙන විත් තිබූ අතර, සෙසු විත්තිකරුවන් බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට කැඳවාගෙන විත් තිබිණි.
දහවල් 2.45ට පමණ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විනිශ්චයාසනාරූඪ වූහ.
මේ පෙත්සම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා මෙම අභියාචන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේය.
මෙම පෙත්සමේ පළමු විත්තිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ අනුර තුෂාර ද මෙල් නමැත්තාට එරෙහිව දුන් තීන්දුව ඉවත දැමූ විනිසුරු මඬුල්ල ඔහුට එරෙහි සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
ටී 56 වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගත් බවට විත්තිකරුවන්ට එරෙහි සියලුම චෝදනාවලින් ඔවුන් නිදහස් කළ විනිසුරු මඬුල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් නඩු තීන්දුව තහවුරු කරමින් එම දඬුවම් එලෙසම ක්‍රියාත්මක කිරීමට නියම කළේය.














popular news
-
lion Thursday, 11 October 2018 03:35 PM
මිනී මරුවන් රජවූ දේශයක පුදුමයට පත්කරවන නෙව්ස් ekak
Reply : 0 3
රත්නසේන Thursday, 11 October 2018 03:58 PM
රටට බොහෝ දේ නැති වෙන කාලයක, නිතිය සහ යුක්තිය ආරක්ෂා කරන්න කැප වෙන අධිකරණයට ස්තුතියි!
Reply : 0 7
chathuri Thursday, 11 October 2018 04:44 PM
කෝ අර පළිගන්නවා කියන. රජ්ජුරුවෝ එයහේ පුතා මේ නඩුව. ඇහුවනම් විනිසුරු මඩුල්ල. ඇතුලේ. දුමින්ද. එළියේ. මේටික වෙනවා. බලය තිබුනානම්
Reply : 0 2
hubert Thursday, 11 October 2018 06:25 PM
දුමින්දට මරන්න කිව්වවේ කව්ද උ නිදහස්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
